― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැතිසබේදී හර්ෂට එරෙහිව බරපතල චෝදනා රැසක් - හර්ෂට තද වෙයි

මැතිසබේදී හර්ෂට එරෙහිව බරපතල චෝදනා රැසක් – හර්ෂට තද වෙයි

මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස හර්ෂ ද සිල්වාගේ ක්‍රියා කලාපය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරමින් කියා සිටියේ බරපතල ලෙස වරප්‍රසාද කඩ වී ඇති බවත් මුදල් කාරක සභාවේ විෂය පථයට අදාල නොවන කරුණු විභාග කිරීම සම්බන්ධයෙන් සභාපති ධූරය අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත්ය.

එමෙන්ම කමිටු සභාපතිවරයා විසින් කමිටු සාමාජිකයින්ගේ අදහස් විමසීමකින් තොරව අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවක් කැඳවා වැරදි ලෙස විමර්ශනයක් සිදු කිරීම, තම අභිමතය පරිදි කමිටු සාමාජිකයින්ගේ විමසීමකින් තොරව ඔවුන්ගේ නම් ඇතුලත් කරමින් සභාපතිවරයාට නොමැති බලයක් ආරූඪ කරගෙන ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින්ට දඩුවම් පැමිණවීම, කමිටුව හමුවට නිලධාරීන්ගේ ගෞරවය කෙලෙසන ලෙස බලවත් ලෙස මානසික පීඩනයට ලක් කරමින් මාධ්‍ය කමිටුවට වැරදි මතයක් සමාජගත කරවීම වැනි කරුණු පෙන්වා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය.