මිනුවන්ගොඩදී ත්‍රිත්ව ඝාතනයක් සිදු කළ නව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
පසුගිය 06 වැනිදා මිනුවන්ගොඩ පොලිස් වසමේ වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
සැකකරුගේ විස්තර පහත පරිදි වේ
වයස අවුරුදු 39ක් වූ ජයගොඩගේ සංජීව ලක්මාල් (833214292V) නැමති මෙම සැකකරු අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචිකරුවෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 071 85 91 608, 071 85 91 610, 071 85 91 612 යන අංකවලට දැනුම්වත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.