32.2 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅතුරුදන්ව සිටි සිසුවා නැවත සරසවියට

අතුරුදන්ව සිටි සිසුවා නැවත සරසවියට

දින 10ක් පුරා අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උලකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

මෙම සිසුවා පසුගිය 2 වැනිදා නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් වී තිබූ අතර සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

සිසුවා බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දින කිහිපයක් ගතකර තිබෙන බව අනාවරණය වී ඇත.