30 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන්ව සිටි සිසුවා නැවත සරසවියට

අතුරුදන්ව සිටි සිසුවා නැවත සරසවියට

දින 10ක් පුරා අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණි බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උලකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

මෙම සිසුවා පසුගිය 2 වැනිදා නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් වී තිබූ අතර සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

සිසුවා බදුල්ල ආශ්‍රිත ප්‍රදේශයේ දින කිහිපයක් ගතකර තිබෙන බව අනාවරණය වී ඇත.