ලබන 19 වැනිදා දක්වා පළාත් 06කට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලයි.
විශේෂයෙන් අධිවේගයේ ධාවනය කිරීමේදී පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරුවල දක්වා තිබේ.