― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (13) සමත් වුණා.

ඒ, අවසන් පූර්ව තරගයේ දී තියුණු තරගයකින් පසු පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලන්බ්ක කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 122ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 121ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ආසියානු කුසලනයක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.