― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගල් අඟුරු රැගත් නෞකාවක් මේ මස අගදී දිවයිනට

ගල් අඟුරු රැගත් නෞකාවක් මේ මස අගදී දිවයිනට

ගල් අඟුරු රැගත් පළමු නෞකාව ලබන 24 හෝ 25 යන දිනයක මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000ක් රැගත් එම නෞකාව මේ වන විටත් දකුණු අප්‍රිකාවෙන් ගමන් අරඹා ඇති බවයි ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ.

එවැනි තවත් ගල් අඟුරු නෞකා තුනක් ලබන 25 වැනිදායින් පසු දින 10ක් තුළ මෙරටට ළඟාවන බවයි වාර්තා වන්නේ.

අදාළ නෞකාවලින් මෙට්ට්‍රික් ටොන් 60,000 බැගින් ගල් අඟුරු තොග රැගෙන ඒමට නියමිත බව සඳහන්.

ඒ, අනුව අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් පරිදි නියමිත කාල සීමාවන්ට මෙරටට ලැබෙනු ඇති බවයි ගල් අඟුරු සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.