27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් අඟුරු රැගත් නෞකාවක් මේ මස අගදී දිවයිනට

ගල් අඟුරු රැගත් නෞකාවක් මේ මස අගදී දිවයිනට

ගල් අඟුරු රැගත් පළමු නෞකාව ලබන 24 හෝ 25 යන දිනයක මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000ක් රැගත් එම නෞකාව මේ වන විටත් දකුණු අප්‍රිකාවෙන් ගමන් අරඹා ඇති බවයි ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ.

එවැනි තවත් ගල් අඟුරු නෞකා තුනක් ලබන 25 වැනිදායින් පසු දින 10ක් තුළ මෙරටට ළඟාවන බවයි වාර්තා වන්නේ.

අදාළ නෞකාවලින් මෙට්ට්‍රික් ටොන් 60,000 බැගින් ගල් අඟුරු තොග රැගෙන ඒමට නියමිත බව සඳහන්.

ඒ, අනුව අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් පරිදි නියමිත කාල සීමාවන්ට මෙරටට ලැබෙනු ඇති බවයි ගල් අඟුරු සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.