― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුරුත්තෙට්ටුවේ හිමියන්ගේ V8 රථය පොහොට්ටු මන්ත්‍රීවරිය හොරෙන් විකුණලා

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ V8 රථය පොහොට්ටු මන්ත්‍රීවරිය හොරෙන් විකුණලා

කොළඹ මහ නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා නැමැති කාන්තාව තමන්ට අයත් V8 රථය ගෙන ගොස් එය විකුණා ඇති බව අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ජපානයෙන් තමන්ට නව මෝටර් රථයක් ලැබීමට නියමිත හේතුවෙන් මාන්නප්පෙරුම මහතා විසින් තමන්ට පරිත්‍යාග කර තිබූ මෙම මෝටර් රථය මෙම මන්ත්‍රීතුමිය විසින් විකුණා තමන්ට මුදල් ලබා නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නීති කටයුත්තක් තිබෙන බවත් මෙම සිද්ධියට අදාළ මන්ත්‍රීතුමිය නඩු පවරා ඇති බවද උන්වහන්සේ කියා සිටියා එමෙන්ම තිළිණි ප්‍රියමාලි නැමැති කෝටිපතියන්ගෙන් මුදල් ගරා ගන්නා කාන්තාවට තමන් කිසිදු වාහනයක් ලබා නොදුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන චෝදනා සත්‍යයෙන් තොර බව උන්වහන්සේ කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීමට නියමිත බව උන්වහන්සේ කියා සිටියා.