සති දෙකක් ඇතුළත සියලුම ඉන්ධන පිරවුම්හල්වල අක්රමිකතා ඉවත් කිරීමට IOC පොරොන්දු වී තිබේ.
එමෙන්ම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡාවකට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.
අදාළ සාකච්ඡාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) පැවැත්වෙන බව එහි සභාපති ජනක රත්නායක පැවසීය.
ඉන්ධන සංචිත සැඟවීම, ගුණාත්මක ඉන්ධන ලබා නොදීම වැනි අක්රමිකතාවලින් ජනතාව ආරක්ෂා කිරීම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වගකීමක් බවද ඔහු පැවසීය.