29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙල්යායක දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වෙල්යායක දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

සපුගස්කන්ද, ගලහිටියාව ප්‍රදේශයේ වෙල්යායක වර්ෂාවෙන් එකතු වූ ජලයේ දියනාමින් සිටියදී පුද්ගලයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිරිසක් එක්ව ඊයේ (16) දියනෑමට ගොස් සිටි අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක් මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා දියේ ගිලීමෙන් පසු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාව වනවිටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කජුහේන පාර, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.