― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල

දිවයින පුරා නිවාස 15,000ක් පමණ නායයාමේ අධි අවදානම් කලාපවල පිහිටුවා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ සියලු පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස සඳහන් කරයි.

මේ වනවිට ඉන් 3500කට ආසන්න පිරිසක ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර දී ඇති අතර කළුතර, නුවරඑළිය, රත්නපුර, වරකාපොල, කෑගල්ල, කොළඹ ඇතුළු දිස්ත්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.