28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාල තෙල් නිසා සපුගස්කන්දට ඇ.ඩො.මි.90ක පාඩුවක්

බාල තෙල් නිසා සපුගස්කන්දට ඇ.ඩො.මි.90ක පාඩුවක්

සපුගස්කන්ද සඳහා බාල වර්ගයේ බොරතෙල් ගෙන්වීම හේතුවෙන් මාස හයකදී රටට සිදුව තිබෙන සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් ඉක්මවා ඇතැයි තෙල් එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා සරිලන වර්ගයේ බොරතෙල් නොගෙන කොරල් එනර්ජි සමාගමෙන් ලබාගත් ප්‍රමිතියේ තොර බොරතෙල් හේතුවෙන් මෙලෙස පාඩු ලබා ඇතැයි ඔහු පවසයි.

මෙරටට බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන වර්ග ඇණවුම් කර ඒවා ගොඩබෑමට පෙර සාම්පල් පරීක්‍ෂණයට ලක් කරන මුත් අදාළ කටයුතු භාර තාක්‍ෂණික ඇගයීම් කමිටුව නිසි ලෙස එම කටයුතු සිදුනොකිරීම නිසා ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙලෙස හිමි වී ඇති බව හෙතෙම පවසනවා.

මෙම බොරතෙල් වර්ගය (ඌරල් සහ එක්ස්පෝ) පිරිපහදු කිරීමේදී වැඩි වශයෙන් දැවිතෙල් නිෂ්පාදනය වී ඇති අතර භූමිතෙල් නිෂ්පාදනයද විශාල ලෙස අඩුවී ඇත.