බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42ක් අද (17) උදෑසන රෝහල්ගත කර තිබේ.
පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම බඹරු දෂ්ට කර ඇති අතර බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් මේ වනවිට වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.
මෙම දරුවන් 42ගෙන් කිහිපදෙනෙක් බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.