― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගැට කැපූ කාන්තාවන් 05ක් අත්අඩංගුවට

ගැට කැපූ කාන්තාවන් 05ක් අත්අඩංගුවට

හැටන් නගරයේ ගැට කැපීමට පැමිණ සිටි තරුණියන් පස්දෙනෙක් පොලිසිය විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නගරයට පැමිණන පුද්ගලයින්ගේ රණ් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව මෙම පිරිස හැටන් නගරයට පැමිණ ඇති බවයි මූලික විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ.

මොවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට මෙලෙස හැටන් නගරයට පැමිණ ඇති බව සඳහන්.

උත්සව සමයේ හඳුන්කුරු අලෙවි කරන මුවාවෙන් නරගය තුළ සැරිසරමින් මොවුන් පස්දෙනා පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සහ රණ් ආභරණ සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණියන් පස්දෙනා සන්තකයේ තිබී සොරාගත් මුදල් පසුම්බි කිහිපයක් සහ මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නියන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.