28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතෙල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දෙන්නැයි ඇමති කංචන ඉල්ලයි

තෙල් මිල අඩු කිරීමේ වාසිය ජනතාවට දෙන්නැයි ඇමති කංචන ඉල්ලයි

මේ වනවිට අවස්ථා තුනකදී පෙට්‍රල් මිල රුපියල් 100.00කින් අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ, අනුව එහි වාසිය ජනතාව වෙත ලබාදෙන ලෙස ත්‍රිරෝද රථ සංගම්වලට තමන් යෝජනා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (17) දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40.00 කින් අඩු කිරීමට රජය තීරණය කළා.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ සංගම් සඳහන් කළේ මෙම මිල අඩුවුවීමේ වාසිය පාරිභෝගිකයින් වෙත ලබාදීමේ හැකියාවක් තමන්ට නොහැකි බවයි.

අමතර කොටස්වල මිල ඉහළයාම සහ ඉන්ධන කෝටාව ඉහළ නොදැමීම වැනි කරුණු හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමට හැකියාවක් නොමැති බවටයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.