― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅන්තරේ පාගමන නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වැසෙයි

අන්තරේ පාගමන නිසා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය වැසෙයි

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයීයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කැළණිය සරසවිය අසළින් වසා දමා තිබේ.

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලීසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථද යොදවා ඇති බව අප වාර්තාකරු පවසයි.