මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.
මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා ශිෂ්‍යාධාරය වශයෙන් රුපියල් 5500ක් ලැබෙන අතර උද්ධමනය ඉහළ යාමත් සමඟ මෙම ප්‍රමණය 50% කින් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
ලබන ජනවාරි මස සිට මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීමට සැලසුම් කර තිබේ.