― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහා පරිමාණ නීතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් වටලයි

මහා පරිමාණ නීතිවිරෝධි මත්පැන් ස්කාගාරයක් වටලයි

ආරච්චිකට්ටුව බුරුත කැලේ ප්‍රදේශයේ ස්ථාන දෙකක කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්ථාන දෙකක් වැටලීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් සමත් වී තිබේ.

එහිදී ලක්ෂ තිහකට ආසන්න මත්පැන්, ගෝඩා ඇතුළු පෙරීමේ උපකරණ රැසක් සමග සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ස්ථානය වටලන අවස්ථාවේදී බැරල් 35ක ගෝඩා දමා පෙරීමට සූදානම් කර තිබු බවත් එහි ගෝඩා බෝතල් 7000 කට අධික ප්‍රමානයක් තිබූ බවත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පවසයි.

එමෙන්ම පෙරන ලද නීතිවිරෝධී මත්පැන් බෝතල් 270ක් ප්ලාස්ටික් බූලි තුළ තිබියදී සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෑතකදී සිදු කළ දැවැන්තම නීති විරෝධී මත්පැන් වැටලීම මෙය වේ.