27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා. එහිදී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා

කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ග දුර්වල තත්ත්වයේ පැවතීම නිසා වේග සිමා ක්‍රියාත්මක කිරීමට සිදුවීම, දුම්රියවල ගමන් ගන්නා මගී ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් දුම්රිය ස්ථානයක නැවැත්වීමට ලබා දී ඇති කාලය ඉහළ යාම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හී ධාවන වේලාවන් අද දිනයේ සිට සංශෝධනය වන අතර මිනිත්තු 10ත් 15ත් අතර කාලයකින් ධාවන වේලාවන් සංශෝධනය කර ඇති බව වාර්තා වේ.