25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (22) රාත්‍රියේ සිට පැය 14ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.

ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට 22 වැනිදා රාත්‍රී 10 සිට 23 වැනිදා දහවල් 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.