මුදල් නොගෙවන පාසල්වලට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගත් තීරණය අතහැර දමා තිබේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර පාසල්වල ජල බිල්පත් ගෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.
ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට ලබාදුන් උපදෙස් අනුව ජල බිල්පත් නොගෙවූ පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගත් තීරණය අත්හැර දැමූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ.