පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25කින් සහ රුපියල් 15කින් අඩු වී තිබේ.
පසුගිය සතියේ රුපියල් 400ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375ක් දක්වා අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.
එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී තිබෙනවා.