― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදීපාවලි සැමරුමට ජනපතිගෙන් සුබපැතුම්

දීපාවලි සැමරුමට ජනපතිගෙන් සුබපැතුම්

දීපාවලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවුඩයක් එක්කර තිබෙනවා.

හින්දු භක්තිකයන් විසින් කෝවිල, මහ මන්දිරය මෙන්ම පැල්පත ද ගෙවතු සේම මංමාවත් ද සුවහසක් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම දීපාවලි දිනයේ දී සිදු කරන අතර අවිද්‍යාවේ අඳුර දුරු කර ආලෝකයේ දීප්තිය ලබා ගැනීම එහි අරමුණ බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණ දී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට අප සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතු බවයි ජනාධිපතිවරයා එම පණිවුඩය මඟින් දන්වා ඇත්තේ.

එමෙන්ම දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම එහිදී ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා අප සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගන්න ලෙස ද එමඟින් ඉල්ලා සිටිනවා.

මෙලෙස දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව තමන් ඉතා සතුටු වෙන බව පවසන ජනාධිපතිවරයා, මෙවර දිපාවලි සැමරුම සැමගේ සිතුම් පැතුම් ඉටුවන සහ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් ජාතියක් බවට පත්කරන යහපත් අනාගතයක ආරම්භය වේවායි ප්‍රාර්ථනා කරන අතර, සියලුම හින්දු භක්තිකයින්ට සුබ දීපාවලී සැමරුමකට සුභාශීංසන එක්කරන බවයි එම පණිවුඩය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.