පේදුරුතුඩුව වල්ලිපුරම් ප්රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සාදයක් අතරතුර තරුණයන් දෙදෙනෙක් ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
24 හැවිරිදි වියේ පවසුවන වල්ලිපුරම්හී පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස මිය ගොස් ඇති අතර පේදුරුතුඩුව පොලිසිය පවසන්නේ තරුණයන් 06ක් ඊයේ (24) සවස මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතය.