යාල සිදුවීමට කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බැවින් එය වසන් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරයි.
පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
“මේ පිස්සු නැටීමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ පුත්‍රයෙක් කියලා මේ වෙනකොට වාර්තාවෙලා තිබෙනවා. මේ ඇමතිවරයා කවුද කියලා හොයාගන්න බැරිවෙලා තිබෙනවා. ඒකත් මහා අබිරහසක් වෙලා. මේ ඇමතිවරයාගේ පුත්‍රයා මීට කලිනුත් මේ විදිහටම ඇවිල්ලා ජාතික වනෝද්‍යානය තුළ මේ විදිහටම හානි කරලා තිබෙනවා.“
සිදුවීම සම්බන්ධයෙන් වු නඩුව එළඹෙන දෙසැම්බර් 09 වනදා යළි කැඳවීමට නියමිතයි.