කොවිඩ් වෛරසය ප්‍රථම වරට වාර්තා වූ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයක් නැවත අගුලු දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනයේ තුන්වන දිනටත් රෝගීන් 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමත් සමග මෙම පියවර ගෙන ඇති අතර වුහාන්හි එක් දිස්ත්‍රික්කයක 800,000කට වැඩි පිරිසකට ඔක්තෝබර් 30 දක්වා නිවසේ රැඳී සිටින ලෙස දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
රට පුරා නගර 28ක් පමණ අගුලු දැමීමේ පියවරය ක්‍රියාත්මක කරමින් සිටියි.