27.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් බිලියන 1.8ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට

චීනයෙන් බිලියන 1.8ක් වටිනා ඖෂධ තොගයක් මෙරටට

චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 1.8 ක් වටිනා ඖෂධ තොගයක් චීන තානාපතිවරයා අතින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත භාරදීම ඊයේ (27) සිදු කෙරුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම ඖෂධ තොගය භාරදීම සිදු කෙරුණු අතර, චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 02 වන කොටස ලෙසයි මෙම ඖෂධ තොගය මෙරටට හිමි වුණේ.

වකුගඩු, ජලභීතිකා, පෙනහළු ආසාදන, පිළිකා ආදී රෝගයන් සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙලෙස හිමි වූ ඖෂධ තොගයට ඇතුළත් .

චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන කොටසේ මේ වන විට රුපියල් බිලියන 03ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබෙනවා.