― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබුදු සසුන කෙළෙසන අසීලාචාර භික්ෂූන්ට එරෙහිව නව පනතක්

බුදු සසුන කෙළෙසන අසීලාචාර භික්ෂූන්ට එරෙහිව නව පනතක්

ශාසන විරෝධී ක්‍රියාවන්හී නිරතවන භික්ෂූන් වහන්සේලාට එරෙහිව ක්‍රියාත්මක වීම සදහා යාන්ත්‍රණයක් ගොඩ නැගීමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.

විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන් පිළිබදව මහනායක හිමිවරු දැනුම්වත් කිරීම සඳහා පියවර ගැනීමට නියමිත බවත් ඊට අමතරව අඩු වයසින් දරුවන් මහණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අමාත්‍යංශ අනුකමිටුවක් ස්ථාපිත කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරනවා. ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වා දීමටත් අපේක්ෂා කරනවා.