― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවසක් කොල්ල කා පලා යමින් සිටි 04ක් අත්අඩංගුවට

නිවසක් කොල්ල කා පලා යමින් සිටි 04ක් අත්අඩංගුවට

මුදල් කොල්ලකෑමක් සිදුකර පලායමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු කුරුවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් පිරිසක් ඊයේ (28) පෙරවරුවේ කුරුවිට, ගලහිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කඩුවක් සහ ගිනි අවියක් පෙන්වා නිවැසියන් බිය ගන්වා නිවසේ තිබූ රුපියල් දසදහසක මුදලක් කොල්ල කා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව අපරාධය සිදුකර මෝටර් රථයකින් පලායමින් සිටි සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පරික්ෂාකර තිබෙනවා.

එහිදී ඔවුන් සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, කඩුවක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කොල්ලකන ලද මුදලින් රුපියල් 8000ක මුදලක් සොයා ගැනීමට හැකිව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 30,31 සහ 40 යන වයස්වල පසුවන රත්නපුර, කුරුවිට සහ පරකඩුව යන ප්‍රදේශවල අය බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (29) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.