― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද සිට පාන් මිල පහළට

අද සිට පාන් මිල පහළට

පාන් ගෙඩියක මිල අද (31) දිනයේදී අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලේ පැවතීම හේතුවෙන් විධායක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.

ඒ, අනුව අද (31) දිනයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10.00ත් 20.00ත් අතර මිලකින් අඩුවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර හෙට (01) දිනයේ සිට ප්ලේන්ටිය ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල ගණන් 10%කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියා.