හික්කඩුව, තිරානගම ප්රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වනවා.
යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව තිබෙනවා.