― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ නායයාමක්

වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ නායයාමක්

ඊයේ (30) රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයෙන් සිදුවූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය මුළුමනින්ම අවහිර වී ඇති බව වාර්තා වනවා.

මෙම නාය යාමෙන් අසල තිබූ නිවසකට ද හානි සිදුව ඇති අතර, එම නිවසින් නිවැසියන් ඉවත් කිරීමට ඌවපරණගම පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඌවපරණගම පොලිසිය එහි ගමන් ගන්නා පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා.