24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල්ට වැඩියෙන් සල්ලි අච්චු ගසා නන්දලාල් කප් එක උස්සයි

කබ්රාල්ට වැඩියෙන් සල්ලි අච්චු ගසා නන්දලාල් කප් එක උස්සයි

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති ධූරයට පත්ව ගෙවුණු දින 203ක කාලය තුළ රුපියල් බිලියන 446 ක වටිනාකමකින් යුතු මුදල් මුද්‍රණය කර ඇති බවත් ඔහුගෙන් පසුව මහබැංකු අධිපති ධූරයට පත් වූ වත්මන් මහබැංකු අධිපති නන්දාල් වීරසිංහගේ ධූර කාලයේ මුල් දින 203 තුළ රුපියල් බිලියන 691 ක වටිනාකමින් යුත් මුදල් මුද්‍රණය කර ඇති බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් දිනකට රුපියල් බිලියන 2.2 ක් මුද්රණය කර තිබෙන අතර නන්දලාල් වීරසිංහ දිනකට රුපියල් බිලියන 3.4 ක් මුද්‍රණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවා තිබේ.