― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනවසීලන්ත රූ රැජින කිරුළ ශ්‍රී ලාංකික තරුණියකට

නවසීලන්ත රූ රැජින කිරුළ ශ්‍රී ලාංකික තරුණියකට

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) පසුගියදා නවසීලන්තයේ පැවැති නවසීලන්ත විශ්ව විවාහක රූ රැජන තරගය ජය ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව ඇය ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජන තරගයට නවසීලන්තය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී මේ තරගය නොපැවැත්වූ බැවින් 2021 සහ 2022 තරග දෙකම ආවරණය වන පරිදි මෙවර එය පවත්වා ඇත. ඒ අනුව ජයග්‍රාහිකාවන් දෙදෙනකු තෝරා ගෙන ඇති අතර එක් ජයග්‍රාහිකාවක ලබන මස දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 2022 ලෝක විවාහක රෑ රැජන තරගයටත්, නිෂී රණතුංග ලබන වසරේ බල්ගේරියාවේ පැවැත්වෙන 2023 ලෝක විවාහක රූ රැජන තරගයටත් සුදුසුකම් ලබා ඇත.

බෝමිරිය මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශාඛා විදුහලෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ නිෂී නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ 2015 වසරේදීය. ඇය මේ වන විට ඕක්ලන්ඩ් නුවර පදිංචිව සිටින අතර NZSL නමින් නර්තන ඇකඩමියක්ද පවත්වාගෙන යයි.