― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2023 අයවැය රහස් ගැන හෙළිදරවුවක්

2023 අයවැය රහස් ගැන හෙළිදරවුවක්

2023 අයවැය ලේඛනයෙන් රාජ්‍ය ආදායම සියයට 8.5 සිට සියයට 13ක් දක්වා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එමෙන්ම රාජ්‍ය ආදායමෙන් සියයට 90ක්ම බදු ආදායම ලබාගැනීමටත් අයවැයෙන් යෝජනා කෙරෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය සඳහා රුපියල් කෝටි 43200ක මුදලක් සහ අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි 50400ක මුදලක් වෙන්කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම 2023 අයවැය ලේඛනයෙන් ආරක්ෂක වියදම් සඳහා රුපියල් කෝටි 36700ක් ඇස්තමේන්තුකර ඇති අතර සමාජ ආරක්ෂණය වෙනුවෙන් රුපියල් කෝටි 57200ක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.

2023 අයවැය ලේඛනයෙන් එම වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 788500ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.