― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට පාලනය කරන ඇත්තෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ - මිහින්තලා විහාරාධිපති

රට පාලනය කරන ඇත්තෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ – මිහින්තලා විහාරාධිපති

මේ රට පාලනය කරන බලධාරීන් ගැන කිසිම විශ්වාසයක් නැති බවත් මේ රට පිච්චුණත්, ගිනි ගත්තත් ඒ අය මේ රට ගැන බලන්නේ නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

තෙල් ටික, බෙහෙත්, පොහොර ටික දැන් නියමිත කාලෙට ලැබෙන්නේ නැහැ. මේ රටට දැන් දුර්භීක්ෂ කාලයක් ලබලා තියෙන්නේ. සෝමාලියාවක්, ඉතියෝපියාවක්, සුඩානයක් කරලා මේ රට ගැසට් කරලා තියෙන්නේ කවුද? පාර්ලිමේන්තුවේ ඉන්න 225 තමයි අපේ රට දිළිඳු රටක් කියල ගැසට් කරලා තියෙන්නේ. දැන් අපි ඉතියෝපියාවටත් වඩා දිළිඳු, පහළට වැටුණු රටක්. අපේ රට මෙහෙම ගැසට් කරපු 225ම නිවන් දකින්න ඕනෙ. ආයේ ඉපදිලා නම් එන්න එපා. හිඟා කකා රට කරවනවා. හිඟා කකා රට කරවනවට වඩා හොඳයි නිවන් දකින එක. වයසක ඇත්තොනෙ දැන් පාර්ලිමේන්තුවේ වැඩි හරියක් ඉන්නේ. ඒ වුණාට රජයේ සේවකයින්ට විශ්‍රාම යන්න කියනවා අවුරුදු 60න්. මං කියන්නේ උබලත් පලයල්ලා. මින් පස්සෙ එන්න එපා. ආයේ මැතිවරණයක් ආවට මිනිස්සු කවුරුත් ඡන්දෙ දෙන්නේ නැහැ. මං මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා මේ වලට අපි වැටුණේ විහින්මයි. ඒ නිසා පින්සිද්ද වෙයි ඔය පාලකයොන්ට ඡන්දෙ දෙන්න යන්නත් එපා.. රැස්වීමකට යන්නත් එපා.. සංඝරතන්යෙනුත් මං ඉල්ලනවා දේශපාලකයෝ ගාවට යන්න එපා..මේ රටේ අහිංසක මිනිස්සුගැන හිතන්න. මේ 225ම රටේ තියෙන දේවල් හොරකම් කරා ඒ අයගේ දියුණුව සඳහා.. ඊටපස්සෙ අපේ රටත් ඉතියෝපියාවක් කියලා ගැසට් කළා.