― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදොස්තර සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

දොස්තර සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘දොස්තර සුද්දා’ සහ ‘මේනකගේ’ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

හික්කඩුව පොලිස් වසමේ ටිරානගම ප්‍රදේශයේ දී ඊයේ (31) සිදුකළ වැටලීමක දී 30 හැවිදිරි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ 2019 වසරේ අගෝස්තු 03 වන දින අම්බලන්ගොඩ, කුලීගොඩ හංදියේ දී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලට අනුයුක්තව සේවය කළ ජේලර්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ඔහු සම්බන්ධ බවටයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හික්කඩුව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.