26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දරුවන්ට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස ඉගැන්වීමේ තීරණයක්

පාසල් දරුවන්ට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස ඉගැන්වීමේ තීරණයක්

ලබන වසරේ සිට 10 ශ්‍රේණියට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සියලුම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම පරිවර්තනයකට ලක් කළ යුතු බවත්ය.

වර්තමානයේ විවිධ සමාජ ක්‍රියාකාරකම් හේතුවෙන් අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශවල දරුවන් ඇතුළු තරුණ කොටස් ආරක්ෂා කර ගැනීමේ අභියෝගයකටද මුහුණ දී සිටින බව අමාත්‍යවරයා එහිදී පැවසීය.