― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද රජයට එරෙහිව දැවැන්ත විරෝධතා රැළියක්

අද රජයට එරෙහිව දැවැන්ත විරෝධතා රැළියක්

රජයට එරෙහි විරෝධතා රැලිය සහ පා ගමන අද (02) කොළඹදී පැවැත්වේ.

ඒ සදහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය එකමුතුව අද සවස 3.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ වෙයි.

මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගීසිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් මෙම රැලිය සංවිධානය කර තිබේ.

මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් සහාය පළ කරන බව එම සංවිධායකයෝ පවසයි.

එමෙන්ම සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස් ජාතික සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහ එහි නායකයන් ද මෙම විරෝධතාවට සහභාගි වීමට නියමිතයි