තමන්ගේ ආධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ බව ලංකාවේ පැරණිම වාමාංශික නායකයෙකු මෙන්ම නව සමසමාජ පක්ෂයේ නායක, ජලජ සම්පත් ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ (03) පැවසීය.
නව වසරේ අමාත්‍යාංශයේ රාජකාරී ඇරඹීම වෙනුවෙන් පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් නානායක්කාර මහතා මේ බව කීවේය.
අගමැතිතුමා තමා අපේ අාධ්‍යාත්මික නායකයා, එතුමාගේ රූපය එතුමාගේ චරිතය, එතුමාගේ රැස් කදම්භය අපට හැමදාමත් මඟ පෙන්වනවා. එතුමා අපිට අනාගතය පෙන්වා දෙනවා යැයි ද හෙතෙම කීවේය.
සමහරු කලකිරීමෙන් තනතුරු අත්හැර යන බව කියනවා නේදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ “ඔය කිව්වට කවුරුත් යන්නේ නැහැ. බලන්නකො යනවද කියලා, වැඩේ ඉක්මන් කරගන්න එහෙම කියන්නේ” යනුවෙනි.
පවතින පෝලිම් මාසයක් තුළ නැති වන බවත් එවිට සියල්ල හරි යන බවත් ඔහු කීවේය.