― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ නගරයේ සංචාරය කළ විදේශිකයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දාහක් අරන්

කොළඹ නගරයේ සංචාරය කළ විදේශිකයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දාහක් අරන්

මෙරට සංචාරයකට පැමිණි නවසීලන්ත ජාතිකයෙකුගෙන් කොළඹ නගරය සංචාරය කිරීම සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව ලෙස රුපියල් එක්ලක්ෂ පනස් දාහක මුදලක් ලබා ගත්තැයි කියන සිද්ධියකට අදාළව වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් සංචාරක මගපෙන්වන්නකු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01) එක නියෝග කළා.

නවසීලන්ත ජාතිකයකු විසින් ඉකුත් 2020 වසරේ පෙබරවාරි මස 11 වැනිදා මෙම සිද්ධියට අදාළව පොලිස් සංචාරක කොට්ඨාසයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මෙම සංචාරක මග පෙන්වන්නා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුන අතර ඔහු දෙල්ගොඩ පදිංචි කහුපිටියගේ තිළිණ මධුසංඛ නැමැති සංචාරක සංචාරක මග පෙන්වන්නෙක්.

පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයා නෞකාවෙන් මෙරටට පැමිණ කොළඹ නගරයේ සංචාරය කිරීම සඳහා සැකකාර මග පෙන්වන්නා සමග ත්‍රීරෝද රථයකින් මිල ගණන් විමසා ඇති බවත් එහිදී අදාළ ත්‍රීරෝද රථ රියදුරු කොළඹ නගරය පෙන්වීම සඳහා ඩොලර් 20 ක මුදලක් ඉල්ලා ඇති අතර මෙහිදී ඩොලරය රුපියල් 4500 ක් වන බවට සඳහන් කර ඇති ත්‍රී රෝද රථ රියදුරු එම මුදල රුපියල් වලින් ලබා දෙන ලෙසට පැමිණිලිකාර නවසීලන්ත ජාතිකයාට පවසා ඇති බවත්, පසුව පැමිණිලිකරු ඒටීඑම් කාඩ් පතක් උපයෝගි කර ගනිමින් අදාල මුදල ලබා දී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාළ සැකකාර ත්‍රිරෝද රථ රියදුරාද අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.