― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරු පළාතටත් සෆාරි අභය භූමියක්

උතුරු පළාතටත් සෆාරි අභය භූමියක්

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභය භූමියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා කෘෂිකර්ම වනජිවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් ලබාදී ඇත්තේ මේ සඳහා සුදුසු ඉඩම් පිළිබඳව සොයා බලන ලෙසයි.

මෙරට අභයභූමි වැඩි ප්‍රමාණයක් සහ සත්වෝද්‍යාන ප්‍රමාණයක් දකුණේ පිහිටා තිබීම නිසා උතුරේ පාසල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳ අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීමට දකුණට පැමිණීමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.