― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්වැටි මිල ඉහළ දැමීමට යෝජනාවක්

දුම්වැටි මිල ඉහළ දැමීමට යෝජනාවක්

එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල, මිල සූත්‍රයට අනුව වැඩිකරන ලෙස යෝජනා කර ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

දුම්පානය කිරීම තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම යෝජනාව 2023 අයවැය යෝජනාවලිය සඳහා ඉදිරිපත් කළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ තනි දුම්වැටි බැගින් අලෙවි කිරීම නතර කර දැමිය යුතු බවට යෝජනාවක් ද කර ඇති බවයි.

අවසන් වරට දුම්වැටියක මිල ඉහළ දැමීමක් සිදුකරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස පළමු වනදායි.

එහිදී රුපියල් 3.00කින් , 5.00 කින් ,10.00 කින් සහ රුපියල් 15.00 කින් දුම්වැටිවල මිල ඉහළ දමනු ලැබුවා.