― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොණ්ඩය කපද්දිත් HIV වැළඳෙන්න පුළුවන් - වෛද්‍ය ජනක අකරවිට

කොණ්ඩය කපද්දිත් HIV වැළඳෙන්න පුළුවන් – වෛද්‍ය ජනක අකරවිට

රූපලාවන්‍යාගාර තුළ කොණ්ඩය කැපීමේදී පවා HIV වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසයි.

වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ සැලූන් එකක කොණ්ඩය කපන විට පුද්ගලයාගෙන් පුද්ගලයාට බ්ලේඩ් තලය මාරු කළ යුතු බවත් එසේ නොමැතිව බ්ලේඩ් තලය මගින් HIV ආසාදිත පුද්ගලයෙහ්කුගේ හම කඩතොලුවීමක් සිදු වුණි නම් මීළඟට කොණ්ඩය කපන තැනැත්තාට එමඟින් HIV ආසාදනය විය හැකි බවයි.

කොණ්ඩය කැපීමේ ක්‍රියාවලියක් සිදුවෙන හැමවෙලාවකම ඒ පිළිබඳ නියම ප්‍රමිතීන් අනුව කරන්න ඕනේ. ඒක සමහරවිට අපේ කොණ්ඩය කැපීම තුළත් එය සිදු වීමට හැකියාව පවතිනවා. එම නිසා එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම සිදු කළ යුතුයි. ටැටූ ගැසීමේදී භාවිත කරන ඉදිකටු වෙනස් විය යුතුයි. HIV සහ හෙපටයිටිස් ඹ් වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමු වීම වැදගත්.”