― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් පරදියි

අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් පරදියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ අයවැය අද (03) දෙවන වරටත් පරාජයට පත් වුණා.

ප්‍රාදේශීය සභාවෙි සභාපතිනී පද්මා කුමාරී වෑත්තෑව විසින් සභාවේ 2023 වසර සදහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව සිදුකළ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 09ක් සහ විරුද්ධව ඡන්ද 17ක් හිමි වූ අතර, ඒ අනුව වැඩි ඡන්ද 08 කින් එය පරාජයට පත් වුණා.

අය වැය ලේඛනය පළමුවර කියවීමෙන් අනතුරුව වැඩි ඡන්ද 09 කින් එය පරාජයට පත් වුණේ පසුගිය ඔක්තෝම්බර් මස 11 වනදායි.