අනිද්දා (06) ගෑස් මිල සංශෝධනය කරන බව සභාපතිවරයා ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.
සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බවත් වෙළඳපොලේ මේ වනවිට පවතින ගෑස් හිඟය මතුව ඇත්තේ අලෙවි නියෝජිතයින්, මිල අඩුවන බවට පළවන වාර්තා සැළකිල්ලට ගෙන තොග ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවත් සභාපතිවරයා එහිදී අවධාරණය කළේය.