රටේ නායකයන් රට පාවා දී ඇති බවත් මේ වන විට රට හිඟා කන තත්ත්වයට පත්කර ඇති බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
කාදිනල් හිමිපාණන් මේ බව ප්රකාශ කළේ උත්සවයක් අමතමිනි.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්රකාශ කළේ මේ වන විට රටේ නායකයන් සංවේදී නොවන තත්ත්වයට පත්ව ඇති බවයි.
“අපේ රටේ නායකයෝ කියන අය මේ රට පාවාදීලා තියෙනවා. අවුරුදු ගණනාවක් කළේ අපේ රට විදේශයන්ගේ වහල් බවයට ගෙන යාමයි. දැන් ඔක්කොටමත් වඩා අන්ත දෙ අපි හිඟා කන තත්ත්වයට පත්කළා“