26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රියමාලිගේ හඬපටවලින් තවත් නිළියන් දෙකක් අමාරුවේ

ප්‍රියමාලිගේ හඬපටවලින් තවත් නිළියන් දෙකක් අමාරුවේ

මහා පරිමාණ මූල්‍ය වංචා කළැයි මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවට අදාළව තවත් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් ගැන සාක්ෂි ලැබී තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. අදාළ නිළියන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මූලික ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එමෙන්ම මේ වනවිට අත් අඩංගුවට ගෙන සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන් සම්බන්ධයෙන් රහස් පොලීසිය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ප්‍රියමාලිගේ ඉල්ලීම අනුව එක්තරා ධනවත් ව්‍යාපාරිකයකු හමුවට ගොස් එහිමි ආවේශ වී (මායම් වී) ඔහු ළඟ ඇති කෝටි 75ක පමණ මුදලක් ප්‍රියමාලි ළඟ තැන්පත් කරන ලෙසත් එසේ නොකළහොත් ඔහුට මහත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් කියා බියට පත් කළ බවත්ය.

ප්‍රියමාලිගේ රත්රන් පොලු ජාවාරමකට සම්බන්ධ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද සිරිසුමන හිමියන්ට එරෙහිව වෙනම පරීක්ෂණයක් සිදු කරන බව පොලීසිය පවසයි.