28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවට්ටම් කැපේ - ජල බිල ඉහළට

වට්ටම් කැපේ – ජල බිල ඉහළට

ජල ඒකක 25ට අඩුවෙන් පාරිභෝජනය කරනු ලබන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට ලබාදුන් 10%ක වට්ටම අත්හිටුවා තිබේ.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ 2014 අයවැය යෝජනාවට අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් සිදුවන බවයි.

එම අලාභය සලකා බලා ජලබිල්පත සදහා ලබාදෙන 10%ක වට්ටම අත්හිට වූ බවත්
ජල පහසුකම් ලබාගෙන ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් 75% ක් පමණ ජල ඒකක 25%කට අඩුවෙන් භාවිත කරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.