― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩයනාගේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝග

ඩයනාගේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝග

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට ප්‍රගතිය වාර්ථා කරන මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

දෙසැම්බර් 15 වැනිදා එම පැමිණිල්ල නැවත කැඳවීමටද නියෝග කළේය.