― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් ටැංකියට වැටී ජීවිතක්ෂයට

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් ටැංකියට වැටී ජීවිතක්ෂයට

මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙක් වතුර ටැංකියට වැටී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාලිගාවත්තේ සාවුල් හමීඩ් මොහොමඩ් සපර්ඩින් (56) නැමැත්තෙක්.

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් වැරදිකරු වී මාස එකහමාරක සිර දඬුවම් නියම කර බන්ධනාගාරය වෙත මෙම පුද්ගලයා එෆ් වාට්ටුව වෙත යොමු කර ඇති අතර තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි මෙම රැඳවියා බන්ධනාගාරයට යොමු කළ දින සිට ආහාර ගෙන නැතැයි පොලීසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

එම දින හතර තුළ රාත්‍රියටද නොනිඳා තිබෙන මෙම රැඳවියා වතුර ටැංකිය මත වාඩිවී සිටිනු දැක තිබූ වැසිකිළියට යමින් සිටී රැඳවියකු නැවත පැමිණෙද්දී ඔහු වතුර ටැංකියට වැටී පාවෙමින් සිටිනු දැක ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට දැනුම් දී තිබූ බව පොලිසිය පවසයි.

බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් මෙම පුද්ගලයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පවසනවා.